ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයක් බංග්ලාදේශයට අහිමි වෙයි

Date:

රවිචන්ද්‍රන් අශ්වින් හා ෂ්රෙයස් අයියර්ගේ සටන්කාමී පිතිහරඹය හමුවේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරගයක් ජය ගැනීමේ අවස්ථාව බංග්ලාදේශයෙන් අද (25) ගිලිහී ගියා.

ඒ, සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් තියුණු සටනකින් පසු බංග්ලාදේශය කඩුලු 3 කින් පරාජයට පත් වීම හේතුවෙන්.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 145 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 45 ක් ලබා අසීරු තත්ත්වයක පසු වූ අතර, ඔවුන්ට තරගය ජය ගැනීම සදහා තවත් ලබා ගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 100 ක්.

අද දිනයේ දී ජයිදේව් උනඩ්කට් ලකුණු 13කටත්, රිෂාබ් පාන්ට් ලකුණු 9 කටත්, අක්සාර් පටෙල් ලකුණු 34 කටත් දැවී ගියේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු බංග්ලාදේශයට නතු කරමින්.

කෙසේ වෙතත්, රවිචන්ද්‍රන් අශ්වින් එක් ලකුණක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් මොමිනුල් හක් අතින් ගිලීහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපෑ අතර, අශ්වින් හා ෂ්රෙයස් අයියර් 8 වැනි කඩුල්ල සදහා ලකුණු 71 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

අශ්වින් නොදැවී ලකුණු 42 ක් ද, අයියර් නොදැවී ලකුණු 29 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 63 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී කේ එල් රාහුල් ලකුණු 2කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 7 කටත්, චෙටස්වර් පුජාරා ලකුණු 6 කටත්, විරාට් කෝලි එක් ලකුණකටත් දැවී ගියා.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 227 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 314 ක් රැස් කළා. බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 231 ක්.

මෙම ජයත් සමග දෙරට අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...