සුරංගට ඔස්ට්‍රේලියාවෙන් අවස්ථාවක්

Date:

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම සදහා තමාට මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් ද ආරාධනයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පවසනවා.

ඉන්දියාව සමග හෙට(12) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතව සිටින සුරංග ලක්මාල් මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔස්ට්‍රේලියාවේ කුමන කණ්ඩායමක් සමග කොපමණ කාලයක් සදහා සම්බන්ධ වන්නේ ද යන්න පිළිබද මෙහිදී ඔහු වැඩිදුර අදහස් දැක් වීමක් සිදු කළේ නැහැ.

ඒ පිළිබද සාකච්ඡා මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි ලක්මාල් අවධාරණය කළේ.

ඔහුු ඉදිරියේ දී බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිතව සිටිනවා.

“මම බලාපොරොත්තුවෙන් හිටියෙ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයක් ක්‍රීඩා කරන්න ක්‍රිකට් නතර කරන්න කලින්. ඒ අවස්ථාව මට ලැබිල තියෙනවා.” යනුවෙන් සුරංග ලක්මාල් කියා සිටියා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් එකට දෙයක් කරන්න පුලුවන්නම් ඇත්තටම ඇවිල්ලා – මම නවක ක්‍රීඩකයින්ටත් කියලා තියෙන්නේ ඕනෙ වෙලාවක කෝල් එකක් දෙන්න, මම ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි. මම දන්න පොඩි දේ හරි මම ක්‍රීඩකයින්ට කියලා දෙනවා. ක්‍රිකට් වලින් තමයි හැමදේම ලැබුණේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි ඒ ක්‍රිකට්වලට ආදරේ වෙන්න ඕනෙ. මම ඩර්බිෂයර් ගැහුවත් මම හැම තිස්සෙම අපේ ක්‍රීඩකයින්ට කරන්න පුලුවන් ඕනෙ වෙලාවක උදව්වක් තියෙනවනම් කරනවා.” 

“ටෙස්ට් ක්‍රිකට් තමයි මම හිතන්නේ හරි ක්‍රිකට් එක. ඒක අපි හැමෝම දන්නවා. ඒක ගහන්න හැමෝම ආස වෙන්න ඕනෙ. සමහරක් ක්‍රීඩකයින් ආස නෑ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට. මොකද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ලේසි නෑ. ගොඩක් හාර්ඩ් වර්ක් කරන්න ඕනෙ. හාර්ඩ් වර්ක් කරන තැන තමයි අපිට අනාගතයක් හරි – මම හිතන්නේ අපට සතුටු වෙන්න දෙයක් තියෙන්නේ ටෙස්ට් ක්‍රීඩාවෙන් අපි ළගා කර ගන්න ජයග්‍රහන අනුව තමයි.”

සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින තරග 86ක් හා 20යි 20 තරග 11ක් ඔහු ක්‍රීඩා කළා.

එහිදී සුරංග ලක්මාල් පිළිවෙලින් කඩුලු 168 ක්, කඩුලු 109 ක් හා කඩුලු 8 ක් බිද හෙලීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(12) පස්වරු 2ට බැංගලූරුහී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...