සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් අද(12) අලුයම නිමා වුණා.
ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 217ක්.
සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කළ සැක් ක්‍රව්ලි නොදැවී ලකුණු 117ක් හා නායක ජෝ රූට් නොදැවී ලකුණු 84ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඒ අනුව එංගලන්තය මේ වන විට දෙවැනි ඉනිමේ දී ලකුණු 153ක් ඉදිරියෙන් පසුවනවා.
ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 375ක්.
කෘමා බෝනර් ලකුණු 123ක් ලබා ගනිමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේ දී ක්‍රෙයිග් ඕවර්ටන්, ජැක් ලීච් හා බෙන් ස්ටොක්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

