සුරංග ලක්මාල් එංගලන්ත කණ්ඩායමක් සමග ගිවිසුම් ගත වෙයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග එක්වීමට තීරණය කර තිබෙනවා.

වසර දෙකක කාලයක් සදහා ඔහු තම කණ්ඩායම සමග ගිවිසුම් ගත වී ඇති බවයි ඩර්බිෂයර් කණ්ඩායම අද(3) නිවේදනය කළේ.

සියලු තරග රටා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු මෙම ගිවිසුම අත්සන් කර තිබෙනවා.

මේ වන විට 34 වන වියේ පසුවන ලක්මාල් එළඹෙන ඉන්දීය තරග සංචාරයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ඊයේ නිවේදනය කළා.

ඩර්බිෂයර් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස මේ වන විට කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු පුහුණුකරු මිකී ආතර්.

සුරංග ලක්මාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින තරග 86ක් හා 20යි 20 තරග 11ක් ඔහු ක්‍රීඩා කළා.

එහිදී සුරංග ලක්මාල් පිළිවෙලින් කඩුලු 168 ක්, කඩුලු 109 ක් හා කඩුලු 8 ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...