ඈෂ්ලි ගිල්ස් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි.

ඔහු වෙනුවට තාවකාලිකව ඇන්ඩෲ ස්ට්‍රාව්ස් කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

එංගලන්තය 2019 වසරේ දී එක්දින ලෝක ශූරතාවය ජය ගන්නා අවස්ථාව වන විට ද කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ඈෂ්ලි ගිල්ස්.

කෙසේ වෙතත්, මෑත කාලීනව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ දක්ෂතා ඉතා අවම මට්ටමකයි පැවතුණේ.

ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ධූරය ද මේ වන විට අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...