ලාහෝර් කණ්ඩායමට ලකුණු 29ක ජයක්

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වන තරගය ඊයේ (02) කරච්චි ජාතික ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවේ පෙෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට ලකුණු 29 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදෙමින්.

මෙම තරගයේදී ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් යළිත් පිත්තෙන් දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ෆකාර් සමාන් සමත්වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පෙෂාවර් සල්මි කණ්ඩායමේ නායක වහබ් රියාස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ලාහෝර් කණ්ඩායම වෙත ආරාධනා කළා.

එම ආරාධනයෙන් පිටියට පිවිසි ලාහෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් බිඳ වැටී ලකුණු 199 ක් ලබා ගත්තා.

අනර්ඝ ඉනිමක් දියත්කරමින් ෆකාර් සමාන් පන්දු 38 කදී ලකුණු 66 ක් වාර්තා කිරීමට සමත් වුණා. අබ්දුල්ලා ෂෆික් ලකුණු 41(31) යි.

කම්රාන් ගුලාම් ලකුණු 30(23) ක් ද, මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 37(19) ක් ද රැස්කළා.

වේගවත් ඉනිමක් දියත් කළ රෂීඩ් ඛාන් පන්දු 8 කදී ලකුණු 22 ක් වාර්තා කළේ හයේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී සල්මාන් ඉර්ශාඩ් ලකුණු 47 කට කඩුලු 2 ක් බිඳ දැමූ අතර උස්මාන් කදීර් සහ හුසේන් තලාත් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 200 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පෙෂාවර් සල්මි කණ්ඩායමට සාර්ථක හඹා යාමක් දියත් කිරීමට ලාහෝර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 170 ක් පමණයි.

කම්රාන් අක්මාල් ලකුණු 41(24) ක් රැස් කළා. සටන්කාමී ඉනිමක් දියත් කරමින් හේදර් අලී ලකුණු 49(34) ක් ලබා ගත් අතර, ෂර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 21(11) යි. ශොයිබ් මලික් ලකුණු 7 කට දැවී ගියා.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ සමාන් ඛාන් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

නායක ශහීන් අෆ්‍රිඩී සහ ඩේවිඩ් වීසා කඩුලු 2 බැගින් බිඳ හෙලුවා. රෂීඩ් කාන් එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ සමාන් ඛාන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...