ශකිබ් ඇතුළු 21 දෙනෙකුට කොන්ත්‍රාත්තු

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට සියලු තරග රටාවන් ඇතුළත් කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

2022 වසර සදහා ක්‍රීඩකයින් 21 දෙනෙකු සමග ප්‍රධාන (මධ්‍යම) කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

අප්‍රේල් 30 වනදා දක්වා ශකිබ් අල් හසාන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේක ගැනීමට අවසර ලබා දීමට තීරණයක් ගෙන ඇති පසුබිමක ඔහුට සියලු තරග රටා ඇතුළත් වන පරිදි කොන්ත්‍රාත්තුවක් ලබා දීම විශේෂත්වයක්.

ශකිබ් අල් හසාන්ගේ අනාගත ක්‍රිකට් දිවිය පිළිබද සාකච්ඡා කිරීම සදහා ඔහු හා  බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් අතර හමුවක් ද ඉදිරියේ දී සිදු වීමට නියමිතව තිබෙනවා.

මෙවර කොන්ත්‍රාත් පිරිනැමීමේ දී සියලු තරග රටා වෙනුවෙන් කොන්ත්‍රාත් හිමිව ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ මුෂ්ෆිකර් රහීම්, ලිටොන් දාස්, ටස්කින් අහ්මඩ් හා ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින්.

Contracts for 2022 :

All formats: Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Das, Taskin Ahmed, Shoriful Islam

Tests and ODIs: Tamim Iqbal, Mehidy Hasan

Only Tests: Mominul Haque, Taijul Islam, Najmul Hossain Shanto, Shadman Islam, Ebadot Hossain, Yasir Ali , Mahmudul Hasan Joy

ODIs and T20Is: Mahmudullah, Mustafizur Rahman, Afif Hossain

Only T20Is: Mohammad Naim, Mahedi Hasan, Nurul Hasan, Nasum Ahmed

New Inclusions: Yasir Ali, Mahmudul Hasan Joy

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...