නේපාලය පරදා ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Date:

සංචාරක නේපාල කණ්ඩායම සමග පැවැති පුහුණු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 92ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායම (SL Combine XI ) අද(11) සමත් වුණා.

කටුනායක පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 48.2 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 232 ක්.

අනුක් ප්‍රනාන්දු ලකුණු 56(69) ක් හා සඳුන් වීරක්කොඩි ලකුණු 49(48) ක් රැස් කළා.

ඩිල්ශාන් මුණවීර ලකුණු 14(26) කටත්, උපුල් තරංග ලකුණු 3(11) කටත්, නායක තිසර පෙරේරා ලකුණු 8(13) කටත්, චාමර සිල්වා ලකුණු 6(10) කටත් දැවී ගියා.

සීක්කුගේ ප්‍රසන්න ලකුණු 12(25) ක් ද, රමේෂ් නිමන්ත ලකුණු 18(37) ක් ද ලබා ගත්තා. දිල්රුවන් පෙරේරා රැස් කළේ ලකුණු 14(27) ක් පමණයි.

පන්දු යැවීමේදී නේපාල කණ්ඩායම වෙනුවෙන් D.S. Airee සහ S. Dhakal කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

S. Kami කඩුලු 2 ක් දවා ගත් අතර, නායක සංදීප් ලමිචානේ සහ ඒ. ෂෙයික් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 35.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 140ක් පමණයි.

Gyanendra Malla ලකුණු 46ක් හා Kushal Bhurtel ලකුණු 32ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී එස්. දක්ෂින කඩුලු 3ක් බිද හෙලූ අතර, දිල්ෂාන් මුණවීර කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...