තවත් ප්‍රබලයෙක් IPL පිටියෙන් ඉවත් වෙයි ; ලෝක ශූර නායකයා කොල්කටා පිලට

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු පිතිකරු ආරෝන් ෆින්ච් සමග ගිවිසුම් ගතව තිබෙනවා.

ඒ, එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ ඇලේක්ස් හේල්ස් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතාවය පදනම් කර ගනිමිනුයි ඇලෙක්ස් හේල්ස් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

ලෝක 20යි 20 ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වන ආරෝන් ෆින්ච් ජාත්‍යන්තර 20යි 20 තරග 88ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ශතක දෙකක් ද සමගින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2,686 ක්.

ෆින්ච් මීට පෙර අයි.පී.එල් තරග 87ක් ද ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 2,000 ඉක්මවනවා.

ඔහු මෙවර තරග වාරය වෙනුවෙන් කොල්කටා කණ්ඩායම සමග ගිවිසුම් ගතව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුදලකටයි.

මීට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ ජේසන් රෝයි ද මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළා.

ඔහු වෙනුවට රහ්මනුල්ලාහ් ගුර්බාස් සිය සංචිතයට ආදේශ කිරීමටයි ටයිටන්ස් කණ්ඩායම පියවර ගත්තේ.

මෙවර අයි.පී.එල් තරග වාරය ලබන 26 වනදා ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...