මාලිංගට රාජස්ථානයෙන් නව තනතුරක්

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා ක්‍රිකට් අධ්‍යක්ෂ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර සමග මෙවර අයි.පී.එල් තරග වාරයේදී එක්ව කටයුතු කිරීමට නියමිතයි.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමා වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු (Bowling Strategy Coach) ලෙස ද කටයුතු කළා.

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් බිද හෙලූ අයි.පී.එල් කඩුලු ගණන 170ක්.

2018 වසරේ දී ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...