ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමෙන් නේපාලයට 233ක ඉලක්කයක්

Date:

සංචාරක නේපාල කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායම (SL Combine XI ) අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒකාබද්ධ කණ්ඩායමට පන්දුවාර 48.2 ක් තුල සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 232 ක් පමණයි.

ඩිල්ශාන් මුණවීර ලකුනු 14(26) කට දැවී ගියා. උපුල් තරංග හට රැස්කරගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 3(11) ක් පමණයි.

නායක තිසර පෙරේරා ලකුනු 8(13) කටත්, චාමර සිල්වා 6(10) කටත් දවාගැනීමට නේපාල පන්දුයවන්නන් සමත් වුනා.

සඳුන් වීරක්කොඩි ලකුනු 49(48) ක් ලබා සිටියදී දැවී ගියා.

සීකුගේ ප්‍රසන්න ලකුනු 12(25) කටත් රමේෂ් නිමන්ත ලකුනු 18(37) කටත් දැවී ගිය අතර දිල්රුවන් පෙරේරා හට ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 14(27) ක් පමණයි.

ඉනිම යම් තරගකාරී අවසානයක් කරා ගෙන යම්න් අනුක් ප්‍රනාන්දු ලකුනු 56(69) ක් රැස්කලා.

පන්දු යැවීමේදී නේපාල කණ්ඩායම වෙනුවෙන් D.S. Airee සහ S. Dhakal කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

S. Kamil කඩුලු 2 යි. නායක සංදීප් ලමිචානේ සහ එස්. සෙයික් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ජයග්‍රහණය සදහා ලකුනු 233 ක ඉලක්කයක් නේපාල කණ්ඩායම හිමිව තිබෙනවා.

එළඹෙන අයි.සී.සී ලෝක කුසලාන දෙවැනි පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ අරමුණිනුයි නේපාල කණ්ඩායම මෙම තරග සංචාරයේ නිරත වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...