ඇෆ්ඝනිස්තාන 20යි 20 නායකත්වය රෂීඩ් ඛාන්ට

Date:

ඇෆ්ඝනිස්තාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස දග පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් පත් කර තිබෙනවා.

නජිබුල්ලාහ් සඩ්රාන් කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කළ බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

20යි 20 නායකත්වය මෙතෙක් පුරප්පාඩු වී පැවතුණේ තරග රටා ත්‍රිත්වයේම නායකයා ලෙස කටයුතු කළ අස්ගර් ඇෆ්ඝන් අදාළ ධූරයෙන් ඉවත් කිරීමට පසුගිය මාසයේ දී ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම හේතුවෙන්.

ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස හෂ්මටුල්ලාහ් ශහිඩී (Hashmatullah Shahidi) පත් කිරීමටත්, උප නායකයා ලෙස රහ්මට් ශාහ් පත් කිරීමටත් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය පසුව පියවර ගත් නමුත් 20යි 20 කණ්ඩායම සදහා නායකයෙකු මෙතෙක් පත් කර තිබුණේ නැහැ.

රෂීඩ් ඛාන් මීට පෙර ද ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස තරග රටා ත්‍රිත්වයේ දී ම කටයුතු කර තිබුණා.

ඔහුගේ නායකත්වය යටතේ ඇෆ්ඝනිස්තානය තරග 16ක් ක්‍රීඩා කළ අතර, ඉන් තරග 6ක් ජයග්‍රහනය කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...