දකුණු අප්‍රිකාවේ මගාලාට අයර්ලන්ත සංචාරය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක සිසන්ඩා මගාලාට (Sisanda Magala) අයර්ලන්ත තරග සංචාරය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ සිදු වූ ආබාධයක් හේතුවෙන්.

තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී සූදානම් වෙමින් සිටින අතරවාරයේ දී ඔහු මෙම ආබාධයට ලක්ව ඇති බව සදහන්.

ඒ අනුව ඔහුට සුවය ලැබීම සදහා සති 3ක හෝ 4ක කාලයක් ගත වනු ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ අතර, කොදෙව් තරග සංචාරයට එක්වූ බෙයුරන් හෙන්ඩ්‍රික්ස් ද අයර්ලන්ත සංචාරය වෙනුවෙන් කැදවා තිබෙනවා.

මේ වන විට දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් Dublin නුවරට ළගා වී ඇති අතර, මෙම තරග සංචාරයේ දී දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ලබන 11 වනදා ආරම්භ වන එක්දින තරගාවලිය හා පළමු 20යි 20 තරගය Dublin හී දී පැවැත්වෙන අතර, අවසන් 20යි 20 තරග 2 Belfast හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...