සිම්බාබ්වේ නායක විලියම්ස් හා අර්වින් නිරෝධායනයට; ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශෝන් විලියම්ස්ට හා ක්‍රෙයිග් අර්වින්ට බංග්ලාදේශය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, කොවිඩ් 19 ආසාදනය වූ පවුලේ සාමාජිකයෙකුගේ ආශ්‍රිතයින් ලෙස ඔවුන් දෙදෙනා හදුනා ගැනීමත් සමගයි.

ඒ අනුව ශෝන් විලියම්ස් හා ක්‍රෙයිග් අර්වින් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙකුට මෙලෙස හෙට(7) බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි බව බැවින් සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බ්‍රෙන්ඩන් ටේලර්ට පැවරෙනු ඇති.

පසුගියදා නම් කෙරුණු බංග්ලාදේශයට එරෙහි සිම්බාබ්වේ සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් නොලැබූ Chivanga Tanaka, Joylord Gumbie, Takudzwanashe Kaitano සහ Dion Myers යන ක්‍රීඩකයින් 4 දෙනා ද ඇතුළත්.

මේ අතර, ආබාධයකට ලක්වීමෙන් පසු මෙතෙක් සම්පූර්ණ සුවය ලබා නොමැති බංග්ලාදේශ පිතිකරු ටමිම් ඉක්බාල්ට ද අදාළ ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි බංග්ලාදේශ පුහුණුකරු රසල් ඩොමින්ගෝ සදහන් කළේ.

කෙසේ වෙතත්, ආබාධයකට ලක්ව සිටි මුෂ්ෆිකර් රහීම්ට හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...