අස්ගර් ඇෆ්ඝන් නායකත්වයෙන් නෙරපයි

Date:

අස්ගර් ඇෆ්ඝන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් නෙරපීමට තීරණය කළ බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස හෂ්මටුල්ලාහ් ශහිඩී (Hashmatullah Shahidi) පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

උප නායකයා ලෙස පත් කර ඇත්තේ රහ්මට් ශාහ්.

එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ නව 20යි 20 නායකයා ද කඩිනමින් පත් කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, 20යි 20 කණ්ඩායමේ උප නායකත්වය රෂීඩ් ඛාන් විසින් ඉදිරියටත් දරනු ඇති.

අස්ගර් ඇෆ්ඝන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලැබුවේ ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ විමර්ශන ඒකකය විසිනුයි.

එහිදී අනාවරණය වී තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායම සමග මාර්තු මාසයේ අබුඩාබි හී පැවැති පළමු ටෙස්ට් තරගයේ පරාජයට ඔහු ගත් ඇතැම් තීරණ හේතු වී තිබූ බවටයි.

විමර්ශන ඒකකයේ එම නිගමනය පදනම් කර ගනිමින් ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

2019 ලෝක කුසලානයට පෙර ද කණ්ඩායමේ නායකත්වය අස්ගර් ඇෆ්ඝන් විසින් දරනු ලැබූ අතර, ලෝක කුසලානයට මාස 2කට පමණ පෙර ඔහුව නායකත්වයෙන් නෙරපීමට කටයුතු කෙරුණා.

කෙසේ වෙතත්, ඊට ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන් විරෝධය ද එල්ල වූ අතර, ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සැලකිය යුතු දක්ෂතාවයක් ද දැක්වීමට සමත් වූයේ නැහැ.

2019 දෙසැම්බර් මාසයේ දී අස්ගර් ඇෆ්ඝන් දෙවැනි වරටත් නායකත්වයට පත් කිරීමටයි තීරණය කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...