ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි එක්දින තරගයත් වර්ෂාවට බිලි වෙයි

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී අද(2) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කිරීමට හැකි වූයේ නැහැ.

දෙරට අතර පසුගිය 29 වැනිදා පැවැති පළමු එක්දින තරගය ද වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය එළඹෙන 4 වැනිදා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...