ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට එංගලන්ත ක්‍රිකට් ආයතනය එකග වෙයි

Date:

සැප්තැම්බර් මාසයට යෙදී ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන සංශෝදන කිරීමට කටයුතු කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(2) නිවේදනය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලද ඉල්ලීමක් සලකා බලා දෙරටේ ක්‍රිකට් ආයතන විසින් මෙම තීරණය ගත් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ආසියානු ක්‍රීඩා උලළේ දී කාන්තා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලීම සිදු කර තිබුණා.

එංගලන්ත කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර 20යි 20 හා එක්දින තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් පැවැත්වීමට මීට පෙර නියමිතව තිබුණේ සැප්තැම්බර් දෙවැනිදා සිට 19 වැනිදා දක්වායි.

කෙසේ වෙතත්, නවතම තරග කාලසටහන අනුව අගෝස්තු 31 වැනිදා 20යි 20 තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

2023 ආසියානු ක්‍රීඩා උලෙළ සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Revised Schedule

IT20s

1st IT20: 31 August 2023, The 1st Central County Ground, Hove
2nd IT20: 2 September, The Cloud County Ground, Chelmsford
3rd IT20: 6 September, The Incora County Ground, Derby

ODI Series:

1st ODI: 9 September, Seat Unique Riverside, Chester-le-Street
2nd ODI: 12 September, The County Ground, Northampton
3rd ODI: 14 September, Uptonsteel County Ground, Leicester

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...