ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන සංශෝදනය කෙරේ

Date:

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන සංශෝදනය කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

වර්ෂාව නිසා දෙරට අතර පැවැති පළමු එක්දින තරගය පසුගිය 29 වැනිදා ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා.

ඒ අනුව සංශෝදිත තරග කාලසටහනට අනුව දෙවැනි එක්දින තරගය යළිත් එළඹෙන 4 වැනිදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එක්දින තරගාවලියේ සියලු තරග කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, සංශෝදිත තරග කාලසටහනට අනුව එක්දින හා 20යි 20 තරගාවලියේ ඉතිරි සියලු තරග කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එළඹෙන 4 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගය එළඹෙන 7 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 20යි 20 තරගාවලිය මැයි 9 වැනිදා ආරම්භ වීමට පෙර මැයි 7 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු 20යි 20 තරගය නව තරග කාලසටහනට ඇතුළත් කර නැහැ.

20යි 20 තරගාවලිය පෙර සැලසුම් කළ පරිදි මැයි 9, 11 හා 12 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි, තෙවැනි එක්දින තරග හා පළමු 20යි 20 තරග දෙක පෙරවරු 10ට ද, තෙවැනි 20යි 20 තරගය පස්වරු 1 ට ද ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...