නවතම 20යි 20 ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ ; රටවල් 6 ක් ශ්‍රේණිගත කිරීම්වලින් ඉවතට

Date:

වාර්ෂික ශ්‍රේණිගත යාවත්කාලීන කිරීම්වලට අනුව නවතම පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(2) නිවේදනය කළා.

ඊට අනුව එහි පෙරමුණ තවදුරටත් ඉන්දියාවට හිමිව ඇති අතර, ඔවුන්ට හිමි ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 267 ක් දක්වා තවත් ලකුණු දෙකකින් ඉහළ ගොස් තිබෙනවා.

දෙවැනි ස්ථානයේ පසුවන ලෝක ශූර එංගලන්තයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 259 ක්.

2020 වසරේ මැයි මාසයේ සිට ඉන්දීය කණ්ඩායම 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී ඉහළ දක්ෂතා දක්වා ඇති අතර, ඔවුන් 20යි 20 ද්විපාර්ශ්වික තරගාවලියකින් පරාජයට පත්ව ඇත්තේ 2021 වසරේ දී ශ්‍රී ලංකාව හමුවේ පමණයි.

20යි 20 තරගාවලි 13 කින් ජය ගත් ඉන්දියාව එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව නිමා කර ගත්තා.

නවසීලන්තය නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 5 වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇත්තේ මේ වන විට ශ්‍රේණිගත ලකුණු 256 ක් හිමි කර ගනිමින්.

පාකිස්තානය (254) හා දකුණු අප්‍රිකාව (253) සිව්වැනි හා 5 වැනි ස්ථානවල පසුවනවා. ඔස්ට්‍රේලියාව (248) 6 වැනි ස්ථානයේත්, බටහිර ඉන්දීය කොදෙව්වන් (238) 7 වැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව (237) 8 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

හොංකොං හා අමෙරිකා එක්සත් ජනපදය ස්ථාන 3 බැගින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔවුන් පිළිවෙලින් 18 වැනි ස්ථානයේ හා 22 වැනි ස්ථානයේ පසුවනවා.

ඕමානය හා පැපුවා නිව් ගිනියාව ස්ථාන 2 බැගින් පහතට ඇද වැටී තිබෙනවා. ඒ අනුව ඕමානයට 20 වැනි ස්ථානයත්, පැපුවා නිව් ගිනියාවට 21 වැනි ස්ථානයත් හිමියි. සිංගප්පූරුව 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් පසුබැස තිබෙනවා.

නවතම 20යි 20 ශ්‍රේණිගත කිරීම්වලට රටවල් 84 ක් ඇතුළත් කර ඇති අතර, තුර්කිය, බ්‍රසීලය, චිලී, ඉරානය, මෙක්සිකෝව හා පේරු යන රටවල් ශ්‍රේණිගත කිරීම්වලින් ඉවත් කර තිබෙනවා. ඒ, එම රටවල් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වීමට අවශ්‍ය අවම තරග සංඛ්‍යාව (තරග 6) පසුගිය වසර තුනේ දී ක්‍රීඩා කර නොතිබීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...