නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.
ශ්‍රේණිගත කිරීම්හි වාර්ෂික යාවත්කාලීන කිරීම් සිදු කරමින් නවතම ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද නිවේදනය කළ අතර, ඊට අනුව මාස 15 ක කාලයක් පළමු ස්ථානයේ රැදී සිටි ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක ඉන්දියාව මෙලෙස ඔස්ට්‍රේලියාව අභිබවා පළමු ස්ථානයට පත් වීම විශේෂත්වයක්.
වාර්ෂික ශ්‍රේණිගත යාවත්කාලීන කිරීමට පෙර ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනේ ශ්‍රේණිගත ලකුණු 122 ක් ලබා ගනිමින්. ඉන්දියාවට හිමිව තිබූ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 119 ක්.
යාවත්කාලීන කිරීමෙන් පසුව නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාව ශ්‍රේණිගත ලකුණු 121 ක් ලබා සිටින අතර, ඔස්ට්‍රේලියාවට ශ්‍රේණිගත ලකුණු 116 ක් හිමියි.
එංගලන්තය තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රේණිගත ලකුණු 114 ක් සමගින්.
දකුණු අප්‍රිකාව(104), නවසීලන්තය(100), පාකිස්තානය(86) හා ශ්‍රී ලංකාව (84) තවදුරටත් සිව්වැනි, 5 වැනි, 6 වැනි හා 7 වැනි ස්ථානවල රැදී සිටිනවා.

