2023 ආසියානු කුසලාන තරගාවලියට 6 වැනි රටත් සුදුසුකම් ලබයි

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නේපාල කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ, ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා අවසන් කණ්ඩායම තේරීම සදහා පැවැති ප්‍රිමියර් කුසලාන (ACC Men’s Premier Cup) තරගාවලියේ ශුරතාවය දිනා ගනිමින්.

ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් රටවල් 10 ක් තරග වැදුණු එම තරගාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කළේ නේපාලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමයි.

නේපාලයේ Kirtipur හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පන්දුවාර 33.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 117 ක් පමණක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලය පන්දුවාර 30.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව අවසන් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ නේපාලය ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් සදහා සුදුසුකම් ලබා ගත්තා.

ඊයේ ආරම්භ වූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ම අවසන් කිරීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් අද දිනයේ දී ද එම තරගය ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය යන රටවල් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ දී නේපාලය ක්‍රීඩා කරන්නේ ඉන්දියාව හා පාකිස්තානයට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...