ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු එක්දින තරගය වර්ෂාවට සේදෙයි

Date:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර අද(29) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුණා.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පන්දුවාර 36.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 152 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව යළි තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් තරගය ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

හර්ෂිතා සමරවික්‍රම තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගියා. විශ්මි ගුණරත්න ලකුණු 11යි. අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි චමරි අතපත්තු ලකුණු 47 ක් රැස් කළේ පන්දු 37 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් ඇයගේ ඉනිමට ඇතුළත්.

කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30 ක් හා ඕෂදී රණසිංහ නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. ප්‍රසාදනී වීරක්කොඩි ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී Nahida Akter පන්දුවාර 7කදී ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන දෙවැනිදා කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...