ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ කැපිටල්ස් පිලට

Date:

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග 4න් තරග 2ක් ජය ගනිමින්. එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අවසන් වූ බැවින් ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5ක්.

Also Read : නායක ඩිල්ෂාන්ගේ හා මෙන්ඩිස්ගේ සටන අපතේ යයි ; කැපිටල්ස් පිලට කඩුලු 6ක ජයක්

තරග 4කදී තරග 2ක් ජය ගෙන එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අවසන් වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු 5ක්ම හිමි කර ගෙන සිටින ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවනවා.

භිල්වාර කිංග්ස් කණ්ඩායම තරග තුනකදී ප්‍රසාද ලකුණු 3ක් හිමි කර ගෙන ඇත්තේ එක් ජයග්‍රහනයක් සමගින්. ඔවුන් ක්‍රීඩා කළ එක් තරගයක් ද ප්‍රතිපලයකින් තොරව අවසන් වුණා. ඒ අනුව කිංග්ස් කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

මනිපාල් ටයිගර්ස් කණ්ඩායම තරග තුනකදී එක් ප්‍රසාද ලකුණක් හිමි කර ගනිමින් අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

ඔවුන් මෙතෙක් කිසිදු තරගයක් ජය ගෙන නොමැති අතර, එක් තරගයක් ප්‍රතිපලයකින් තොරව අවසන් වීම හේතුවෙනුයි එක් ප්‍රසාද ලකුණක් හිමිව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...