නායක ඩිල්ෂාන්ගේ හා මෙන්ඩිස්ගේ සටන අපතේ යයි ; කැපිටල්ස් පිලට කඩුලු 6ක ජයක්

Date:

ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ වැඩබලන නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ සටන්කාමී අර්ධ ශතකය හා අජන්ත මෙන්ඩිස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම අපතේ යවමින් මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 7 වැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

දිල්ලි හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට කැපිටල්ස් කණ්ඩායමෙන් ලද ඇරයුමට අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 152 ක් රැස් කළා.

ඩිල්ෂාන් නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තේ පන්දු 59 කින්. හයේ පහරක් හා හතරේ පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කෙවින් ඕබ්‍රයන් ලකුණු 23 ක් ද, ග්‍රැහැම් ස්වාන් ලකුණු 26 ක් ද රැස් කළ අතර, තිසර පෙරේරා ලකුණු 5 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රවීන් තම්බේ හා ඈෂ්ලි නර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින් ඉනිම නිමා වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

හැමිල්ටන් මසකඩ්සා පන්දු 34 කින් ලකුණු 50 ක් රැස් කළා. සොලමන් මීරේ ලකුණු 41 යි. නායක ගෞතම් ගම්භීර් ලකුණු 14 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අජන්ත මෙන්ඩිස් ලකුණු 26 කට කඩුලු 2ක් දවා ගත්තා.

(ඩිල්ෂාන්ගේ ඉනිම පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...