පළමු 20යි 20න් බංග්ලාදේශයට ලකුණු 7ක තියුණු ජයක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඩුබායි හි පැවැති පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් රැස් කළේ තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් එමීර් කණ්ඩායමට ලබා දෙමින්.

කෙසේ වෙතත්, එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.

Chirag Suri ලකුණු 39 ක් හා Aayan Afzal Khan ලකුණු 25 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 21 කට කඩුලු 3 ක් ද, මෙහිදි හසාන් මිරාස් ලකුණු 17 කට කඩුලු 3ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් අෆිෆ් හොසේන් නොදැවී ලකුණු 77 ක් රැස් කළේ පන්දු 55 කින්. නායක නුරුල් හසාන් නොදැවී ලකුණු 35(25) යි.

බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 77 දී බිද වැටීමෙන් පසුව ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 81(54) ක්.

පන්දු යැවීමේ දී Karthik Meiyappan ලකුණු 33 කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ බංග්ලාදේශයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...