ජයිස්වාල්ට එරෙහි විනය ක්‍රියාමාර්ග මැද බටහිර කලාපය ශූරතාවය දිනයි

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධාන කළ 2022 දුලීප් කුසලාන පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට බටහිර කලාප (West Zone) කණ්ඩායම සමත් වුණා.

ඒ, දකුණු කලාප (South Zone) කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 294 ක ජයක් හිමි කර ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර කලාප කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 270 ක් පළමු ඉනිමට රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු කලාප කණ්ඩායම ලකුණු 327 ක් රැස් කළා.

අනතුරුව සිය දෙවැනි ක්‍රීඩා කළ බටහිර කලාප කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 585 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා. ඒ, තරගය ජය ගැනීමට දකුණු කලාප කණ්ඩායමට ලකුණු 529 ක දැවැන්ත ඉලක්කයක් හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, දකුණු කලාප කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 234 ක් පමණයි.

බටහිර කලාප දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 265 ක් රැස් කළ යශස්වි ජයිස්වාල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම තරගයේ පස්වැනි හා අවසන් දිනය වූ ඊයේ(25) දිනයේ දී බටහිර කලාප කණ්ඩායමේ නායක අජින්කෙයා රහානේ විසින් යශස්වි ජයිස්වාල්ව විනය හේතු මත ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

දකුණු කලාප කණ්ඩායම පිතිකරණයේ නිරත වෙමින් සිටියදී පිතිකරු රවී තේජා සමග දිගින් දිගටම උණුසුම් වචන හුවමාරුවක නිරත වීම හේතුවෙනුයි රහානේ විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...