CPL අවසන් වටයේ තරග හෙට සිට ඇරඹේ

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මෙරට වේලාවෙන් අද(26) පෙරවරුවේ දී අවසන් වුණා.

මූලික වටයේ 30 වැනි හා අවසන් තරගය බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම අතර පැවැති අතර, එම තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගත්තේ ඇමසන් වොරියර්ස් කණ්ඩායමයි.

තරගාවලියේ අවසන් වටයේ තරග හෙට(27) ආරම්භ වීමට නියමිත අතර, අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා දෙවැනි ස්ථානය හිමි කර ගත් ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ගයානා හි Providence ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) මෙරට වේලාවෙන් එළඹෙන 28 වැනිදා අලුයම 4.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගත් ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් ජැමයිකා තලවාස් කණ්ඩායම අතරයි.

අවසන් වටයේ තෙවැනි තරගය (Qualifier 2) මෙරට වේලාවෙන් එළඹෙන 29 වැනිදා අලුයම ද, අවසන් මහා තරගය එළඹෙන පළමු වැනිදා අලුයම ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

https://twitter.com/cric12222/status/1574313994461925377?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...