ඉන්දීය තරගාවලිය ගැන දසුන් මාධ්‍ය හමුවේ කතා කරයි ; හසරංග ගැනත් බලාපොරොත්තුවක්

Date:

ඉනිමේ පළමු පන්දුවාර කිහිපයේ දී කඩුලු දැවී යාම අවම කර ගැනීමට හැකියාව ඇත්නම්, නිලකුණු පන්දු ප්‍රමාණය අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

හෙට(24) ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද(23) එක්වෙමින් දසුන් ඒ බව සදහන් කළා.

මුුල් පෙල පිතිකරුවන් ඉක්මනින් දැවී යන අවස්ථාවලදී මැදපෙල පිතිකරුවන්ට යම් පීඩනයක් එල්ල වන බවත්, නිලකුණු පන්දු වැඩි වශයෙන් වාර්තා වීමට එය ද හේතු වන බවත් ශ්‍රී ලංකා නායකයා පෙන්වා දුන්නා.

මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මේ වන විට යළිත් PCR පරීක්ෂණයක් සිදු කර ඇති බව දසුන් ශානක මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කර සිටියා.

ඔහුට පළමු 20යි 20 තරගය අහිමි වන නමුත්, ඉන්දියාවට එරෙහි අවසන් 20යි 20 තරග දෙක සදහා හෝ ඔහුව සම්බන්ධ කර ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන බවයි ශ්‍රී ලංකා නායකයා අවධාරණය කළේ.

වනිදු හසරංග මේ වන විට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හුදෙකලා වී රැදී සිටිනවා.

මේ අතර, කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ ද මේ වන විට ආබාධවලට ලක්ව ඇති බවත්, ඔවුන් මේ වන විට වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දී ඇති බවත් දසුන් ශානක කියා සිටියා.

අද දිනයේ දී ඔවුන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකි වනු ඇති බවටයි දසුන් විශ්වාසය පල කළේ.

මහීෂ් තීක්ෂණට ද පළමු 20යි 20 තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ප්‍රවීන් ජයවික්‍රම හා ජෙෆ්රි වැන්ඩර්සේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...