වනිදු ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

කොවිඩ් 19 ආසාදනය වී මෙතෙක් සම්පූර්ණ සුවය නොලැබූ ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මේ වන විට මෙල්බර්න් නුවර රැදී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(23) නිවේදනය කළා.

ඔහු මීට පෙර කැන්බරා නුවර රැදී සිටි අතර, PCR පරීක්ෂණයකින් සමත් වන තුරු වනිදු මෙල්බර්න් නුවර හුදෙකලා වී සිටින බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඊයේ(22) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහුට තවදුරටත් වෛරසය ශරීරගතව ඇති බවට හදුනා ගෙන තිබූ අතර, පසුව සිදු කළ PCR පරීක්ෂණයකදී ද ඒ බව තහවුරු වී තිබුණා.

ඔහුට පළමු වරට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබුණේ පසුගිය 15 වැනිදායි.

ඒ හේතුවෙන් වනිදු හසරංගට ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලියේ අවසන් තරග 3 ද අහිමි වුණා.

තවමත් ඔහු සම්පූර්ණ සුවය ලබා නොමැති බැවින් හෙට(24) ඉන්දියාවට එරෙහිව ආරම්භ වන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ද ඔහුට අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...