තවත් ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට පළමු 20යි 20 තරගය අහිමි වන ලකුණු

Date:

ඉන්දියාව සමග හෙට(24) ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව තවත් ප්‍රබල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුට අහිමි වනු ඇති බව වාර්තා වනවා.

කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් දෙදෙනාටයි එලෙස පළමු තරගය අහිමි වීමේ අවධානමක් මතුව ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට එරෙහි අවසන් 20යි 20 තරගයේ දී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව තිබූ අතර, ඔහුට ඉන්දියාවට එරෙහි පළමු 20යි 20 තරගයට ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයට පත්ව නැහැ.

මහීෂ් තීක්ෂණ ද සුලු ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ද පළමු තරගය අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කළා.

දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ද ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය අහිමි වනු ඇති බවයි එම වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත්, ඇතැම් වාර්තාවලට අනුව ඔහුට පළමු 20යි 20 තරගය පමණක් අහිමි වනු ඇති බව ද සදහන්.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නිමා වූ ඔස්ට්‍රේලියානු 20යි 20 තරගාවලියේ අවසන් තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වූ අතර, තවමත් ඔහු කොවිඩ් 19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...