එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට කොදෙව් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ඇන්ඩර්සන් පිලිප් නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ජෝන් කැම්ප්බෙල් හා ශමාර් බෘෘක්ස් ද යළි සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, රොස්ටන් චේස්, ෂේයි හෝප් හා රහ්කීම් කෝන්වෝල් මෙම සංචිතයට නම් කර නැහැ.

ආබාධයකට ලක්ව සිටින ශැනොන් ගේබ්‍රියල්ට ද මෙම තරගය අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මාර්තු 8 වැනිදා ඇන්ටීගා හී දී ආරම්භ වීමට නියමිතයි.

SQUAD FOR 1ST TEST:

Kraigg Brathwaite (C), Jermaine Blackwood (Vice Captain), Nkrumah Bonner, Shamarh Brooks, John Campbell, Joshua Da Silva, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Veerasammy Permaul, Anderson Phillip, Kemar Roach, Jayden Seales

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...