යොවුන් ක්‍රීඩකයින් ද ඇතුළත් NSL සිව්දින ක්‍රිකට් තරගාවලියේ සංචිත ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග්(NSL) සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් පහේ සංචිත අද(23) නිවේදනය කෙරුණා.

නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ හා රවීන් ද සිල්වා යාපනය කණ්ඩායම සදහා ද, මතීෂ පතිරණ මහනුවර කණ්ඩායම සදහා ද, පවන් පතිරාජ සහ රනුද සෝමරත්න දඹුල්ල කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි. ෂෙවෝන් ඩැනියල් නම් කර ඇත්තේ කොළඹ සංචිතය සදහායි.

ක්‍රීඩාංගන 5කදී අදාළ තරගාවලිය හෙට(24) සිට පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ පළමු තරග දෙක ගාලු කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතරත්, යාපනය කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතරත් හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු 31 වනදා ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අවසන් තරගය ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ අප්‍රේල් 7 වනදායි.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරගවල දී සෑම කණ්ඩායමක්ම තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉහලම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා ගනු ඇති.

ඉන්දීය තරග සංචාරයට එක්වන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් ද එම තරග සංචාරය අවසන් වූ වහාම ජාතික සුපර් ලීග් තරගාවලිය හා සම්බන්ධ වීමට නියමිතව තිබෙනවා.

සංචිත 5 –

මහනුවර – කමිඳු මෙන්ඩිස් (නායක), ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, කසුන් අධිකාරි, ඕෂද ප්‍රනාන්දු, කවීන් බණ්ඩාර, රුමේෂ් බුද්ධික, ඩිල්ශාන් කුරේ, සහන් ආරච්චිගේ, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, මතීෂ පතිරණ, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු, අවිඳු තීක්ෂණ, අෂේන් ඩැනියෙල්, පුලින තරංග, සචිඳු, කොළඹගේ, කමිල් මිශාර, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ලසිත් ඇඹුල්දෙණිය.

කොළඹ – ශම්මු අශාන් (නායක), ක්‍රිෂාන් සංජුල, සිතාර ගිම්හාන්, නිපුන් ධනංජය, ෂේවෝන් ඩැනියෙල්, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, රොෂේන් සිල්වා, ප්‍රමෝද් මදුවන්ත, චමිඳු වික්‍රමසිංහ, ලක්ෂිත රසාංජන, කලන පෙරේරා, කසුන් රජිත, උදිත් මදුශාන්, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, චාමික එදිරිසිංහ, කවිඳු නදීෂාන්, අර්. එන්. ප්‍රියදර්ශන, ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දසුන් ශානක.

යාපනය – සදීර සමරවික්‍රම (නායක), නිශාන් මදුෂ්ක, නවෝද් පරණවිතාන, සමින්ද ප්‍රනාන්දු, දමිත් සිල්වා, ප්‍රිමෝෂ් පෙරේරා, සංතුෂ් ගුණතිලක, ඉෂාන් ජයරත්න, නිමන්ද මදුශංක, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, ගීත් කුමාර, නුවන් ප්‍රදීප්, ප්‍රමෝද් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මදුශංක, විමුක්ති පෙරේරා, දිලුම් සුධීර, ශෂික දුල්ශාන්, කල්හාර සේනාරත්න, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, ශිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි.

ගාල්ල – ධනංජය ලක්ෂාන් (නායක), සාලින්ද උෂාන්, මොහොමඩ් ශිරාස්, සංගිත් කුරේ, පබසර වඩුගේ, හෂාන් දුමිඳු, ප්‍රියමාල් පෙරේරා, මුදිත ලක්ෂාන්, කවින් කුලසේකර, චානක රුවන්සිරි, විශාද් රන්දික, සුමින්ද ලක්ෂාන්, කවිෂ්ක අංජුල, හේෂාන් හෙට්ටිආරච්චි, ඩිල්ෂාන් මදුශංක, මොහොඩ් ශිරාස්, නිමේෂ් විමුක්ති, අකිල ධනංජය, චලන ද සිල්වා, රවිඳු තිලකරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

දඹුල්ල – මිනෝද් භානුක (නායක), රොන් චන්ද්‍රගුප්ත, පවන් රත්නායක, සොනාල් දිනූෂ, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, පවන් පතිරාජ, අශාන් ප්‍රියන්ජන්, ලසිත් අබේරත්න, රනුද සෝමරත්න, සමීර සඳමාල්, දුශාන් හේමන්ත, ළහිරු සමරකෝන්, තමිඳු විජේසිංහ, අම්ෂි ද සිල්වා, අනුක් ප්‍රනාන්දු, නවීන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, දුවිඳු තිලකරත්න, මාලින්ද පුෂ්පකුමාර, උමේෂික මොරායස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, නුවන් තුෂාර.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...