45ට කඩුලු 6 ක් දැවී යාමෙන් පසු අෆිෆ් හා මෙහිදි බංග්ලාදේශයට අමරණීය ජයක් හිමි කර දෙයි

Date:

බංග්ලාදේශයේ අෆීෆ් හොසේන් සමගින් මෙහිදි හසාන් මිරාස් 7 වන කඩුල්ලට ගොඩනැගු ලකුණු 174ක නොබිඳුනු විශිෂ්ඨ සබදතාව හේතුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් චිතගොං හි (Chattogram) Zahur Ahmed Chowdhury ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම එක්දින තරගයෙන් කිසිදා අමතක නොවන සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (23) සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායක හශ්මතුල්ලා ශහීඩී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට පන්දුවාර 49.1 තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 215 ක් පමණයි.

වගකීම් සහගත ඉනිමක් දියත් කළ නජිබුල්ලා සඩ්රාන් ලකුණු 67(84) ක් වාර්තා කළා. රහ්මට් ශාහ් ලකුණු 34(69)යි. නායක ශහීඩී හට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 28(43) ක් පමණයි.

මොහොමඩ් නබී ලකුණු 20(24) කටත්, රමනුල්ලා ගුර්බාස් ලකුණු 7(14) කටත් දැවී ගියා. රශීඩ් ඛාන් හට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ මුස්ටර්ෆිසූර් රෙහ්මාන් ලකුණු 35 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වුණා.

ටස්කින් අහමඩ්, ශොරිෆුල් ඉස්ලාම් සහ ශකීබ් අල් හසාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු 216 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කරදැමීමට නවක වේග පන්දු යවන ක්‍රීඩක ෆාසල්හක් ෆරූකී සමත් වුණා.

මුළු ලකුණු පුවරුව ලකුණු 18 ක් ව තිබියදි ෆරූකීගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ මුල් පෙළ පිතිකරුවන් 4 දෙනෙකු නරඹන්නන් බවට පත් වීම විශේෂත්වයක්.

නායක ටමීම් ඉක්බාල් ලකුණු 8 කටත්, ලිටොන් ඩාස් එක් ලකුණකටත්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 3 කටත්, යසීර් අලී ලකුණු නොලබාත් යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට 21 හැවිරිදි මෙම නවක වේග පන්දු යවන්නා සමත්වුණා.

ශකීබ් අල් හසාන්ට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුනු 10 ක් පමණයි. ඔහුව දවා ගැනීමට මුජීබ් උර් රෙහ්මාන් සමත්වුණා.

මුළු ලුකුණු පුවරුව 45 ක්ව තිබියදී බංග්ලාදේශ පිලේ 6 වන කඩුල්ල ලෙස ලකුණු 8ක් ලබා සිටි මහ්මදුල්ලා දැවී ගියේ රශීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේයි.

ඉන් අනතුරුව 7 වන කඩුල්ලට පිටියේ එකතු වූ අෆීෆ් හොසේන් සහ මෙහිදි හසාන් සටන්කාමී නොබිඳුනු සබදතාවක් ගොඩනගමින් එතෙක් ඇෆ්ඝනිස්තානය සතුව තිබු තරගයේ සම්පූර්ණ පාලනය යළි සිය කණ්ඩායම යටතට හිමි කර දීමට සමත් වුණා.

ඒ අනුව අෆීෆ් සහ මෙහිදි අතරේ ගොඩනැගුනු ජයග්‍රාහී ලකුණු 174 ක ( 225 ) නොබිදුණු සබදතාව බංග්ලාදේශයට කඩුලු 4 අමතක නොවන විශිෂ්ඨ ජයග්‍රහණයක් රැගෙන ආවා.

අෆීෆ් හොසේන් පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහරවල් 11 ක් සමගින් ලකුණු 93 ක් නොදැවී රැස්කළා.

මෙහිදි හසාන් මිරාස් පන්දු 120 කදී හතරේ පහරවල් 9 ක් සමගින් ලකුණු 81 ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ මෙහිදි හසන් විසිනුයි දිනා ගත්තේ.

මෙම තරග සංචාරයට එක්දින තරග 3 ක් සහ විස්සයි විස්ස තරග 2 ක් ඇතුළත් අතර, දෙවන එක්දින තරගය එළඹෙන 25 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...