WTC Final : දකුණු අප්‍රිකාව 169 ක් පිටුපසින් ; බිද වැටුණු කඩුලු 4 මෙන්න (video)

Date:

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය අද(11) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගය පළමු දිනයට අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 43 ක්.

ඒ, කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 212 ට පිළිතුරු ලෙසයි.

බෙවු වෙබ්ස්ටර් ලකුණු 72 ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 66 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියා පළමු ඉනිම ශක්තිමත් කළ අතර, පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 51 කට කඩුලු 5 ක් දවා ගත්තා. මාර්කෝ යැන්සන් බිද හෙලූ කඩුලු ගණන 3 ක්.

පිළිතුරු දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළ ඒඩ්න් මාක්‍රම් පළමු පන්දුවාරයේදී ලකුණු බින්දුවකටත්, රයන් රිකල්ටන් ලකුණු 16 කටත්, වියාන් මෝල්ඩර් ලකුණු 6කටත්, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු දෙකකටත් දැවී ගියා.

ටෙම්බා බවුමා නොදැවී ලකුණු 3 ක් හා ඩේවිඩ් බෙඩින්ග්හැම් නොදැවී ලකුණු 8 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් කඩුලු දෙකක් ද, ජොෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.

මේ වන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමේදී පිටුපසින් රැදී සිටින ලකුණු සංඛ්‍යාව 169 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...