Watch : ලොවක් කතා කළ අරුම පුදුම දුවද්දී දැවී යාම මෙන්න

Date:

Maharashtra Premier League ක්‍රිකට් තරගාවලියේදී සිදු වූ දුවද්දී දැවී යාමක් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ දැඩි අවධානයකට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

Raigad Royals හා Puneri Bappa කණ්ඩායම් අතර පැවැති තරගයේදීයි මෙම දුවද්දී දැවී යාම සිදු වුණේ.

Royals කණ්ඩායම ලකුණු 203 ක ඉලක්කයක් හඹා යමින් සිටියදී ඉනිමේ පළමු පන්දුවාරයේදීම මෙම දුවද්දී දැවී යාම සිදු වූ අතර, එහිදී දැවී ගියේ Harsh Mogaveera.

Siddhesh Veer විසින් පහරක් එල්ල කිරීමෙන් පසුව පන්දුව කඩුලු රකින්නා වෙත ඇදී ගිය අවස්ථාවක ලකුණක් කරා පැති මාරු කිරීමට පිතිකරුවන් දෙදෙනා උත්සාහයක නිරත වුණා.

එහිදී කඩුලු රකින්නා විසින් පිතිකරණ අන්තයේ කඩුල්ල වෙත පන්දුව විසි කළ අතර, විශේෂත්වය වූයේ පන්දුව එම කඩුල්ලේ වැදීමෙන් අනතුරුව පන්දු යවන අන්තයේ කඩුල්ලෙහිද වැදීමයි.

පිතිකරණ අන්තයේ රැදී සිටි පිතිකරු සීමා ඉර වෙත පැමිණ සිටි නිසා ඔහු එම අවස්ථාවේදී දැවී නොගිය නමුත්, පන්දු යවන අන්තයේ පිතිකරු සීමා ඉරේ නොසිටීම නිසා ඔහුට දැවී යාමට සිදු වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...