බංග්ලාදේශයට නව එක්දින නායකයෙක්

Date:

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස මෙහිදි හසාන් මිරාස් පත් කර තිබෙනවා. ඉදිරි මාස 12 ක කාලය සදහායි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ලබන මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට ඔහු බංග්ලාදේශ එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මෙම පත් කිරීමත් සමග බංග්ලාදේශ කණ්ඩායම තරග රටා ත්‍රිත්වයේදී නායකයින් තිදෙනෙකු විසින් මෙහෙය වීම විශේෂත්වයක්.

මීට පෙර එක්දින කණ්ඩායමේ නායකයා ලෙස නජ්මුල් හොසේන් ශන්තෝ කටයුතු කළ අතර, ඔහු තවදුරටත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. විස්සයි 20 කණ්ඩායමේ නායකයා වන්නේ ලිටොන් දාස්.

ශන්තෝ ආබාධයකට ලක් වූ අවස්ථාවක පසුගිය වසරේදී මෙහිදි හසාන් තරග 4කදී බංග්ලාදේශයට නායකත්වය ලබා දුන්නා. ඇෆ්ඝනිස්තානයට හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එම තරග පැවැති නමුත්, තරග හතරම බංග්ලාදේශය පරාජයට පත් වුණා.

2023 වසරේ සිට හිටපු නායක ශන්තෝ බංග්ලාදේශය එක්දින තරග 13 කදී මෙහෙයවනු ලැබූ අතර, ඉන් තරග 4 ක් පමණක් ඔවුන් ජය ගත්තා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් එක්දින තරගාවලි ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වුණේ ශන්තෝගේ නායකත්වයෙන්. නමුත්, ඔවුන් නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය හමුවේ පරාජයට පත් වුණා.

2027 එක්දින ලෝක කුසලානයට අඩු කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි බංග්ලාදේශයට නව එක්දින නායකයෙක් මෙලෙස පත්ව ඇත්තේ.

බංග්ලාදේශය මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ලෝක කුසානයට සෘජුව සුදුසුකම් ලැබීමටනම් ඔවුන් පළමු අට දෙනා අතරට පිවිසිය යුතුයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...