WTC 2023-25 : වැඩිම සාමාන්‍යයක් සහිත පිතිකරුවන් මෙන්න

Date:

2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ටෙස්ට් තරගාවලි කිහිපය ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඉන්දියාවටත්, දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.

මෙම ටෙස්ට් ශූරතාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පිතිකරු ලෙස ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් හදුන්වා දිය හැකියි.

ඔහු 2023-25 අදියරේ දී තරග 7ක් පමණක් ක්‍රීඩා කර ඉනිම් 12 කදී ලකුණු 943 ක් රැස් කර ඇත්තේ ශතක 5 ක් හා අර්ධ ශතක 3 ක් ද සමගින්. වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව ඇති ස්ථානය 6 වැනි ස්ථානයයි.

ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණුලාභිය වන්නේ ජෝ රූට්. කෙසේ වෙතත්, ඔහු ඉනිම් 34 ක් ක්‍රීඩා කරමිනුයි ලකුණු 1,750 ක් වාර්තා කර ඇත්තේ.

මේ අතර, මෙවර ටෙස්ට් ශූරතාවලියේ වැඩිම සාමාන්‍යයක් සටහන් කර ගත් පිතිකරු ලෙස ද කමිදු මෙන්ඩිස් ඉදිරියෙන්ම පසුවනවා. ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 94.30 ක් ලෙසයි.

වැඩිම සාමාන්‍යයක් සහිත පිතිකරුවන් 5 දෙනා –

  • කමිදු මෙන්ඩිස් – ඉනිම 12, ලකුණු 943, සාමාන්‍ය 94.30
  • යශස්වි ජයිස්වාල් – ඉනිම 24, ලකුණු 1,372, සාමාන්‍ය 59.65
  • සල්මන් ආගා – ඉනිම 18, ලකුණු 744, සාමාන්‍ය 57.23
  • ජෝ රූට් – ඉනිම 34, ලකුණු 1,750, සාමාන්‍ය 56.45
  • රචින් රවීන්ද්‍ර – ඉනිම 16, ලකුණු 846, සාමාන්‍ය 56.40
© ICC

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...