මැතිව් වේඩ් ජාත්‍යන්තර පිටියට සමු දෙමින් අලුත් වෘත්තියක් අරඹයි

Date:

ඔස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු වහාම පුහුණුකරුවෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

36 හැවිරිදි වේඩ් අවසන් වරට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදීයි. ඔහු රතු පන්දු පිටියට සමු දුන්නේ පසුගිය මාර්තු මාසයේදීයි.

ජාත්‍යන්තර පිටියෙන් සමුගත්ත ද ඔහු තවදුරටත් ෆ්‍රැන්චයිස් තරග සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන අතර, BBL තරගාවලියේ දී ඔහු Hobart Hurricanes කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මැතිව් වේඩ් සිය 13 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග 36 ක්, එක්දින තරග 97 ක් හා විස්සයි 20 තරග 92 ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු 2021 වසරේ දී විස්සයි 20 ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...