ලක්ස්මන්ට ඉන්දීය විස්සයි විස්සේ වගකීම තාවකාලිකව භාර කෙරේ

Date:

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස වීවීඑස් ලක්ස්මන් කටයුතු කිරීමට නියමිතව ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා ඉන්දීය කණ්ඩායම සමග පිටත්ව යාමට නියමිතව තිබීම හේතුවෙන්.

දකුණු අප්‍රිකා සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග 4 ක් පැවැත්වීමට නියමිතයි. එම තරග නොවැම්බර් 8, 10, 13 හා 15 යන දිනවලදී Durban, Gqeberha, Centurion හා Johannesburg හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නොවැම්බර් 3 වැනිදා පමණ වන විට ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත අතර, ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරයට එක්වන ක්‍රීඩකයින් නොවැම්බර් 10 – 11 ඉන්දියාවෙන් පිටත්ව යාමට සූදානම් බව සදහන්.

T20I squad: Suryakumar Yadav (C), Abhishek Sharma, Sanju Samson (WK), Rinku Singh, Tilak Varma, Jitesh Sharma (WK), Hardik Pandya, Axar Patel, Ramandeep Singh, Varun Chakaravarthy, Ravi Bishnoi, Arshdeep Singh, Vijaykumar Vyshak, Avesh Khan, Yash Dayal.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...