විලියම්සන් තෙවැනි ටෙස්ට් තරගයටත් නැහැ

Date:

ආබාධයකට (groin injury) ලක්වූ නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්ට ඉන්දියාව සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය අද(29) නිවේදනය කළේ තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ඔහු ඉන්දියාව බලා පිටත්ව නොයන බවයි.

නොවැම්බර් 28 වැනිදා එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ඔහුව සූදානම් කිරීම නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව විලියම්සන් සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අනුගමනය කරන බවත්, ඔහු නවසීලන්තයේ සිට ඔහුගේ පුනරුත්තාපන කටයුතුවල නිරත වන බවත් නවසීලන්ත ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

කේන් විලියම්සන් මෙම ආබාධයට මුහුණ දුන්නේ නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේදීයි. ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරග දෙකම අහිමි වුණා.

කෙසේ වෙතත්, එම තරග දෙකම ජය ගනිමින් තරගාවලියේ ජය ද තරග 2-0 ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය නොවැම්බර් පළමු වැනිදා මුම්බායිහීදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...