WTC : ඉන්දියාව හා එංගලන්තය පසුබසිද්දී කොදෙව්වන් ඉදිරියට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 28 ක පරාජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉන්දියාව පහතට ඇද වැටී තිබෙනවා.

එම තරගය ආරම්භ වීමට පෙර දෙවරක් ලෝක ටෙස්ට් අනුශූරයින් වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ ඔස්ට්‍රේලියාවට පමණක් පිටුපසින් දෙවැනි ස්ථානයේ රැදී සිටියා.

කෙසේ වෙතත්, ලැබූ අනපේක්ෂිත පරාජයත් සමග ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 54.16 සිට 43.33 දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවැනි ස්ථානය නවසීලන්තයටත්, සිව්වැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමියි.

පාකිස්තානය 6 වැනි ස්ථානයේ පසුවන අතර, 7 වැනි ස්ථානය හිමිව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටයි.

පළමු තරගයෙන් ඉන්දියාව පරාජයට පත් කළ ද එංගලන්තය එක් ස්ථානයකින් ප්‍රසාද ලකුණු සටහනේ පසුබැස ඇති අතර, ඔවුන්ට මේ වන විට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

ඔස්ට්‍රේලියාව පරදා දෙවැනි ටෙස්ට් තරගයේ දී කොදෙව්වන් ලැබූ සුපිරි ජයග්‍රහනය හේතුවෙනුයි එංගලන්තය අභිබවා කොදෙව්වන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ ඇත්තේ.

කිසිදු ජයග්‍රහනයක් වාර්තා නොකළ ශ්‍රී ලංකාව තවමත් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...