Watch : ලකුණු 20 කට කඩුලු 4ක් දවා ගනිමින් තීක්ෂණ දැක් වූ සුපිරි පන්දු යැවීම මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට Sharjah Warriors කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඊයේ(29) සමත් වුණා.

සාජා හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Dubai Capitals කණ්ඩායමයි. තරගයෙන් Warriors කණ්ඩායමට කඩුලු 9ක ජයක් හිමි වුණා.

මෙම තරගයේ දී දැක් වූ දක්ෂතාත් සමග තීක්ෂණ මේ වන විට මෙවර තරගාවලියේ දී ඉනිම් පහකදී කඩුලු 11 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට ද පත්ව සිටිනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Dubai Capitals කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 104 ක් පමණයි.

සිකන්ඩ රාසා ලකුණු 22 ක් හා Roelof van der Merwe ලකුණු 21 ක් රැස් කළා. නායක ඩේවිඩ් වෝනර් ලකුණු 16යි.

මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්. (දර්ශන පහතින්) තීක්ෂණගේ පන්දු හමුවේ දැවී ගියේ සෑම් බිලින්ග්ස්, මැක් හෝල්ඩන්, රොව්මන් පවෙල් හා ජේසන් හෝල්ඩර්. ඩැනියල් සෑම්ස් ලකුණු 28 කට කඩුලු 3ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Warriors කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 41 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් දැවී සිටියදීයි.

නිරෝෂන් දික්වැල්ල පන්දු 30කින් ලකුණු 37 ක් ලබා ගත්තේ හතරේ පහර හයක් ද සමගින්. ජොන්සන් චාර්ල්ස් නොදැවී ලකුණු 43(33) ක් හා ජෝ ඩෙන්ලි නොදැවී ලකුණු 23(16) ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...