ඉන්දීය ප්‍රබලයින් දෙදෙනෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි – තිදෙනෙකු සංචිතයට කැදවයි

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට හා මැදපෙල පිතිකරු කේ එල් රාහුල්ට අහිමි වී තිබෙනවා.

හයිදරාබාද් හී දී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී ජඩේජා පාදයක ආබාධයකට ලක් වූ අතර, රාහුල්ගේ දකුණු පාදයේ ද යම් වේදනාවක් හට ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඒ අනුව මැදපෙල පිතිකරුවෙකු වන සර්ෆරාස් ඛාන් හා වමත් දග පන්දු යවන ක්‍රීඩක සවුරාබ් කුමාර් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් ඉන්දීය ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පළමු පෙල කඩුලු 290 ක උරුමකරුවෙකු වන සවුරාබ් කුමාර් මීට පෙර 2022 වසරේ දී බංග්ලාදේශ සංචාරය සදහා වන ඉන්දීය ටෙස්ට් සංචිතයට නම් කර තිබුණ ද ඔහුට මෙතෙක් ටෙස්ට් වරම් දිනා ගැනීමට හැකියාව ලැබී නැහැ.

පළමු පෙල තරග 45 කට ක්‍රීඩා කර ඉනිමක සාමාන්‍ය 70 ක් ලෙස සටහන් කර ගෙන ඇති සර්ෆරාස් ඛාන් ද මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැහැ.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගයේ ඉන්දීය පළමු ඉනිමේ දී ලකුණු 86 ක් ලබා ගත් කේ එල් රාහුල් වෙනුවට දෙවැනි ටෙස්ට් තරගය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති රාජත් පටිදර් ආදේශ කිරීමට ඉඩ පවතිනවා. පටිදර් සංචියට ආදේශ කෙරුණේ විරාත් කෝලි පළමු ටෙස්ට් තරග දෙකෙන් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන්.

ජඩේජා පළමු ටෙස්ට් තරගයේ දී පන්දු යැවීමෙන් කඩුලු පහක් හා පිතිකරණයෙන් පිළිවෙලින් ලකුණු 87 ක් හා 02 ක් රැස් කළා. ඔහු වෙනුවට දෙවැනි ටෙස්ට් තරගය සදහා කුල්දීප් යාදව් හෝ වොෂින්ටන් සුන්දර් කැදවීමට ඉඩ පවතිනවා.

පළමු තරගය ජය ගත් එංගලන්තය දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, දෙවැනි තරගය එළඹෙන දෙවැනිදා විසාකාපට්නම් හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s squad for second Test against England

Rohit Sharma (C), Shubman Gill, Yashasvi Jaiswal, Shreyas Iyer, KS Bharat (WK), Dhruv Jurel (WK), Ravichandran Ashwin, Axar Patel, Kuldeep Yadav, Mohd. Siraj, Mukesh Kumar, Jasprit Bumrah (VC), Avesh Khan, Rajat Patidar, Sarfaraz Khan, Washington Sundar, Saurabh Kumar.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...