ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගය රෂීඩ් ඛාන්ට අහිමි වෙයි – සංචිතය මෙන්න

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

පසුගිය නොවැම්බර් මාසයේ දී පිට කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයකට මුහුණ දුන් රෂීඩ් ඛාන් තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති බැවින් මෙම ටෙස්ට් තරගය සදහා ද ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ හේතුවෙන් කායිස් අහ්මඩ් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. කායිස් සිය එකම ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2019 වසරේ දී යි.

රෂීඩ් ඛාන් අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි. අනතුරුව ඔහු මුහුණ දුන් ශල්‍යකර්මය නිසා රෂීඩ් ඛාන්ට බිග් බෑෂ් ලීග්, SA20 තරගාවලියන්ගෙන් ඉවත් වීමට සිදු වූ අතර, මෑතකදී එළඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් ද ඉවත් වීමට තීරණය කළා. එමෙන්ම නිමා වූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ටෙස්ට් සංචිතය සදහා ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද ඇතුළත්. ඒ අනුව පිතිකරුවෙකු වන Noor Ali Zadran, වමත් දග පන්දු යවන ක්‍රීඩක Zia-ur-Rehman, කඩුලු රකින පිතිකරුවෙකු වන Mohammad Ishaq හා දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක Naveed Zadran ටෙස්ට් සංචිතයට ඇතුළත්.

Karim Janat හා Amir Hamza ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඇෆ්ඝනිස්ථානය මේ දක්වා ටෙස්ට් තරග හතක් ක්‍රීඩා කර ඇතත්, මෙතෙක් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඇෆ්ඝනිස්තාන පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරගයක්, එක්දින තරග තුනක් හා 20යි 20 තරග තුනක් ඇතුළත්.

ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හෙට (30) දිවයිනට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Afghanistan squad:

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (vice-capt), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (wk), Mohammad Ishaq (wk), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem and Naveed Zadran

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...