වරද පිළිගත් ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නාට අයි.සී.සීයෙන් දඩුවම් (දර්ශන සහිතයි)

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට එරෙහිව නිල අනතුරු ඇගවීමක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට ද එක් දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට පියවර ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

හයිදරාබාද් හී දී නිමා වූ එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී වූ සිදු වීමක් හේතුවෙන් මෙම දඩුවම ඔහුට නියම කර ඇත්තේ බුම්රා විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් (Level 1 of the ICC Code of Conduct) සිදු කර ඇති බවට තීරණය කිරීම හේතුවෙන්.

එංගලන්ත දෙවැනි ඉනිමේ 81 වැනි පන්දුවාරයේ දී ඔලී පෝප් ලකුණක් කරා දිව යාමේ දී නුසුදුසු ශාරීරික ඝට්ඨනයකට මග පාදමින් ඔහුගේ ගමන් මාර්ගයට සිතාමතාම පිවිසීම බුම්රාට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඒ අනුව ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය (“inappropriate physical contact with a Player, Player Support Personnel, Umpire, Match Referee or any other person (including a spectator during an International Match.”) උල්ලංඝනය කර ඇති බවට තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් තීරණය කර තිබුණා.

සිය වරද හා ලබා දුන් දඩුවම් ජස්ප්‍රිට් බුම්රා විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...