WTC අවසන් මහා තරගයට ඉන්දීය සංචිතය නම් කෙරේ

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(25) ප්‍රකාශයට පත් කළා.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා අජින්කෙයා රහානේ යළි කැදවා තිබීම විශේෂත්වයක්. 34 හැවිරිදි හිටපු ඉන්දීය නායකයෙකු ද වන රහානේ දක්ෂතා අතර රැදී නොසිටි බැවින් 2021-22 දකුණු අප්‍රිකා තරග සංචාරයෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ජූනි 7 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ජූනි 12 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට අඛණ්ඩව සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ලෝක ටෙස්ට් ශුරතාවලියේ පළමු අදියරේ දී අවසන් තරගයේ දී ඔවුන් නවසීලන්තය හමුවේ පරාජයට පත් වුණා.

India’s Test squad WTC final:

Rohit Sharma (C), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, K L Rahul, KS Bharat (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...