Lunch Report : ස්ටර්ලින්ග්ගේ ශතකය හමුවේ අයර්ලන්තය 400 අභියස

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(25) ආරම්භ වුණා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 399 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන කර්ටිස් කැම්පර් ලකුණු 60 ක් හා ඇන්ඩි මැක්බ්‍රයන් ලකුණු 11ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පළමු දිනය සදහා තරගය ඊයේ නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටි අතර, අද දිනයේ යවනු ලැබූ පළමු පන්දුවාරයෙන්ම ලෝකන් ටකර්ගේ කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

ටකර් දැවී ගියේ ලකුණු 80ක් ලබා සිටිය දී යි. ඔහු හා කැම්පර් අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 89 ක්.

අනතුරුව පිටියට පිවිසියේ ඊයේ දිනයේ දී පාදයක ආබාධයක් හේතුවෙන් ලකුණු 74 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ පෝල් ස්ටර්ලින්ග්. ඔහු සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103 ක් වාර්තා කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් සමගින්.

ස්ටර්ලින්ග් හා කැම්පර් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 64 (106) ක්.

අද දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී අයර්ලන්තය ලකුණු 80ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

අයර්ලන්ත ඉනිම වෙනුවෙන් නායක ඇන්ඩි බල්බර්නි ලකුණු 95 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය අතරේ කඩුලු 2 බැගින් බෙදී ගොස් තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...