බ්‍රේවිස් ශ්‍රී ලංකා සංචාරයට නම් කෙරේ ; කාලසටහනත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

Date:

දකුණු අප්‍රිකා A කණ්ඩායම ජූනි මාසයේ දී ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(25) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර එක්දින තරග 3 ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, සිව්දින තරගාවලිය දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සංචාරය ආරම්භ කරමින් දකුණු අප්‍රිකා A කණ්ඩායම ජූනි පළමු වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා සංචාරය සදහා වන දකුණු අප්‍රිකා A සංචිතය ද මේ වන විට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ Tony de Zorzi විසින්. සංචිතය සදහා Keegan Petersen, Kyle Verreynne, Gerald Coetzee හා Tristan Stubbs වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.

නවක පිතිකරු ඩිවාල්ඩ් බ්‍රේවිස් ද ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කර තිබීම විශේෂත්වයක්

කාලසටහන හා දකුණු අප්‍රිකා A සංචිතය –

South Africa A squad:

Tony de Zorzi (c), Corbin Bosch, Matthew Breetzke, Dewald Brevis, Gerald Coetzee, Zubayr Hamza, Jordan Hermann, Tshepo Moreki , Senuran Muthusamy, Keegan Petersen, Sinethemba Qeshile , Lutho Sipamla, Tristan Stubbs , Kyle Verreynne, Lizaad Williams

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...