ශ්රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(25) දිනයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුණා.
ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින අයර්ලන්ත කණ්ඩායමේ 8 වැනි කඩුල්ල දවා ගැනීම සදහායි.
ලකුණු 111 ක් ලබා සිටි කර්ටිස් කැම්පර් දවා ගැනීම සදහා ඔහු එම සුපිරි උඩ පන්දුව ස්ලිප් කලාපයේ සිට රැක ගත්තා.
කැම්පර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15 ක් ඇතුළත්. ඔහු දැවී ගියේ අයර්ලන්ත ලකුණු පුවරුව 476 ක් ලෙස සටහන්ව තිබියදීයි.
— CricDaily24 (@cricday96) April 25, 2023

