Women’s T20 World Cup : විශ්‍රාම ගත් ඩොටින් සමග කොදෙව් සංචිතය නම් කෙරේ

Date:

ඔක්තෝබර් 3 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

මීට වසර දෙකකට පමණ පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් Deandra Dottin ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

කාන්තා විස්සයි 20 පිටියේ වේගවත්ම ශතකයේ උරුමකාරිය වන ඇය 2022 වසරේ දී ජාත්‍යන්තර පිටියට සමු දුන් නමුත්, පසුගිය මාසයේ දී ඇය එම තීරණය යළි සංශෝදනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසීමට තීරණය කළා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Nerissa Crafton ද ලෝක කුසලානය සදහා වන කොදෙව් සංචිතයට ඇතුළත්.

West Indies squad for 2024 Women’s T20 World Cup

Hayley Matthews (c), Shermaine Campbelle (vt), Aaliyah Alleyne, Afy Fletcher, Ashmini Munisar, Chedean Nation, Chinelle Henry, Deandra Dottin, Karishma Ramharack, Mandy Mangru, Nerissa Crafton, Qiana Joseph, Shamila Connell, Stafanie Taylor, Zaida James

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...